ශ්‍රී ලංකා - රුසියා මිතුදම ගොඩනැගුනු හැටි

ලොව රටවල් 193 ක් අතරින් රුසියාව පිලිබඳ ලක්වැසි ජනතාවට ඇත්තේ වෙනස්ම ආකාරයේ  හැඟීමකි. පැරණි සෝවියට් දේශය පිළිබඳව ඇත්තේ ආශ්වාදනීය මතකයකි. රුසියානු අභිමානය වෙනුවෙන් කැපවුණු ජනාධිපති පූටින් ගැන අපට ඇත්තේ ගෞරවයකි. වීරත්වය මුසු  හැඟීමකි. රුසියානු විදේශ ලේකම්, සර්ගෙයි ලැව්රොව් ශ්‍රී ලංකාවේ එවකට සෝවියට් තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කල සිංහල භාශාව හැදෑරු තැනැත්තෙකි. නිදහසින් පසු ශ්‍රී ලංකාව හා සෝවියට් දේශය අතර පැවති දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අදටත් දෙරට අතර සුහදතාව පෙර පරිදිම පවතියි. විශේෂයෙන්ම, මෙරට වාමාංශික දේශපාලන කඳවුර තුල ප්‍රචලිත වූ සෝවියට් විප්ලවය හා සමාජවාදී දේශපාලන අදහස්ද, සෝවියට් සාහිත්‍යයද  මෙරට පොදු ජන මනසට විශාල බලපෑමක් ඇති කළේය. සමාජවාදී මතවාද, ආකල්ප ජනතාව අතරට ගෙන යාමට සෝවියට් සාහිත්‍යය සමත් විය. සොවියට් මහා ගත් කතුවර - ඇන්ටන් චෙකොෆ් ද ශ්‍රී ලංකාවේ කලක් නැවතී සිට එහි සුන්දරත්වය ලොවට කියා පෑයේය. කරුණු මෙසේ හෙයින්, ශ්‍රී ලංකාව හා සෝවියට් දේශය අතර නිල සබඳතා ගොඩනැගුනු ආකාරය මෙහි කෙටියෙන් සඳහන් කරමි.